ප්රධාන අපනයන භෝගයක් වන කුරුඳු සඳහා සහන මිලක් ලබාදෙන ලෙස කුරුඳු තැලුම්කරුවන්ගේ සහ වගාකරුවන්ගේ ඒකාබද්ධ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එම සංගමයේ කැඳවුම්කරු චමින්ද රාජපක්ෂ කියා සිටියේ කුරුඳු මිල ගණන් පහත වැටීම හේතුවෙන් එම කර්මාන්තයේ නිරත පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.