තමා ජනාධිපති ධුර කාලය තුළ රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආරක්ෂක අංශ සහ පොලිසිය අමතා ඊයේ විශේෂ දේශනයක් පවත්වමින් ජනාධිපතිවරයා මෙි බව කීය.
ප්රචණ්ඩකාරී විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම වැළැක්වීම සහ රට අරාජික වීම වලක්වා ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත මෙහිදී කෘතඥතාව පළ කළේය.