විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කොලොන්නාව නිමාවට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලමින් එම ලිපිය යොමු කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.
ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින්, එහි ඇතැම් සේවකයින් සහ විශ්‍රාම ගොස් සිටින සේවකයින් කොලොන්නාව නිමාවේ ඉන්ධන බෙදාහැරීම් සිදු කරන ස්ථානවලට අනවසරයෙන් ඇතුළු වී එහි කටයුතුවල බාධා කරමින් අදාළ කටයුතු අඩපන කිරීමට කටයුතු කරමින් සිටින බව සඳහන්.
කඩාකප්පල්කාරී ක්‍රියා මැඬපැවැත්වීම, සේවා කලාපය සහ පැමිණ සේවය කරන සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමාත්‍යාංශය සහ අනෙකුත් සියලු ආයතන කටයුතු කරමින් සිටින අතර සිදුව ඇති අලාභය බෙදාහැරීම් කටයුතු සඳහා බාධා කරන වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසගෙන් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බව අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපියේ සඳහන් වනවා.
ඉදිරියේ දී ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතු සඳහා බාධා එල්ල වීමේ අවදානමක් පවතින බැවින් අදාළ කඩාකප්පල්කාරී පිරිස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිසි විමර්ශනයක් සිදු කරන ලෙසයි කාංචන විජේසේකර අමාත්‍යවරයා එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ.
එමෙන්ම ඉන්ධන ගබඩා කරන සහ බෙදාහරින ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන අධිකරණ නියෝග ලබා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ද අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්.