ඩීසල් මිල අඩුවුවද තමන්ට ප්‍රවාහන ගාස්තු අඩු කළ හැක්කේ සියයට පහකින් බව අම්බලන්ගොඩ පාසල් ළමය ප්‍රවාහන සංගමය ඊයේ (31දා) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
විශේෂයෙන්ම බස්නාහිර පළාතේ පාසල් ළමයි ප්‍රවාහන සංගම් සියයට දහයකින් ගාස්තු අඩු කළත් තමන්ට එය් කිරීමට හැකියාවක් නැති බව මෙහිදී අම්බලන්ගොඩ පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති මංජුල පදීප් මහතා කීවේය.
සිය සංගමය පාසල් නිවාඩු මාස වල ප්‍රවාහන ගාස්තු අය නොකරන බවත් එහෙත් බස්නාහිර පළාතේ නිවාඩු මාස වලද ගාස්තු අය කරන හෙයින් ඔවුනට සියයට දහයකින් ගාස්තු අඩු කළ හැකි බවද මංජුල මහතා කීය.
ඩීසල් මිල අඩුවූවේ ඉතාම පොඩි මිලකින් බවත් සිය කර්මාන්තයට අවශය අනෙක් දෑවල මිල අහස උසට ගොස් ඇති බැවින් ප්‍රවාහන ගාස්තුව මැයි මස සිට සියයට පහකින් අඩු කිරීමට පියවර ගන්න බවත් මංජුල මහතා කීවේය.