තාවකාලිකව වසා දැමුණු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුව සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකු යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
අදාළ වාට්ටුව භාරව සිටි විශේෂඥ වෛද්‍යවරුන් විදෙස් ගත වීම හේතුවෙනුයි එම ළමා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබුණේ.
කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ බදු සංශෝධන ඇතුළු රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වෛද්‍යවරුන් විදෙස් ගත වීම හේතුවෙන් රෝහල් පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි