සමාජ සාධාරණත්වය සඳහා වූ සන්ධානය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට අද (31) කොළම වරාය අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙත පැමිණෙන ලදී.
එහිදී එම සංවිධානයේ සාමාජිකයින් පවසා සිටියේ අදාල ආයතන තුල සිටින පහලම තනතුරේ සිට ඉහලම තනතුරු දක්වා සේවකයන් සාමාන්‍ය ජනතාවට වඩා විශාල වැටුපක් ලබා ගන්නා බවයි. එම වැටුප් ලබමින් තවදුරටත් මහජනතාව අපහසුතාවයට ලක්වන අයුරින් වෘත්තීය ගැටළු මතුකරමින් කටයුතු කරන බවත්, අදාල සේවකයන් බදු ගෙවීමටද විරෝධය දක්වමින් උද්ඝෝෂණ පවත්වන බවයි.
එබැවින් ඉදිරියේදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ සියළු සේවකයන්ගේ වැටුප් පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා බවත්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු සියළු දෙනාගේ තොරතුරු ජනගත කිරීමට කටයුතු කරන බවත් එම සන්ධානය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.



