බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබා නොදී ඔවුන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරන ලෙස රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි වාර්තාවනවා.
ඒ, පොලිස් මූලාස්ථානාධිපතිවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරුන් කැඳවා වාචික උපදෙස් ලබා දීමෙන් බවයි වෙත වාර්තා වුණේ.
බීමත් රියදුරන් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ක්‍රම දෙකක් යටතේ ඔවුන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනවා. ඉන් අනතුරුව පොලිස් ඇප මත එම රියදුරන් නිදහස් කිරීමට පොලිස් මූලාස්ථානාධිපතිවරුන් සහ ස්ථානාධිපතිවරුන්ට මෙතෙක් අවසර ලබා දී තිබුණා.
එමෙන්ම, අදාළ වාහනය වෙනත් පුද්ගලයෙකුට නිදහස් කිරීමටද පොලිසියට හැකියාව පැවතියා. කෙසේ වෙතත් බීමත්ව රිය පැදවීම නතර කිරීමට සහ අනතුරු අවම කිරීම සඳහා එලෙස අත්අඩංගුවට පත්වන රියදුරන් පොලිස් ඇප ලබා නොදී අධිකරණ හමුවේ ඉදිරිපත් කිරීමටයි රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.