පානදුර වෙරළ තීරණයේ දිය නාමින් සිටි දැරියක් සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු බේරා ගැනීමට පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව තිබේ.
දැරිය, කාන්තාව සහ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (25) පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි බේරාගෙන ඇත.
පොලීසිය පැවසුවේ, දැරිය වයස අවුරුදු 13ක්, කාන්තාව වයස අවුරුදු 29ක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 26 හා 35ක් වූ දියගම, ගල්පාත සහ ගාල්ල ප්රදේශවල පදිංචිකරුවන් බවය.