දකුණේ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද (25) යාපනයට ගොස් යාපනයේ සම්මන්ත්‍රණයක් පැවැත්විමට යාමේදි යාපනය ජනතාවගේ දැඩි විරෝධය මැද නැවත පැමිණිමට කටයුතු කර ඇත.එහිදි ජනතාවගේ අයිතින් යැයි පවසමින් ත්‍රස්ථවාදි පනත අහෝසි කරනු, දේශපාලන සිරකුරුවන් නිදහස් කරනු යන කරුණු සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්විමට මෙලෙස කටයුතු යොදා තිබුන අතර, එවැනි කරුණු යාපනයේ සාමාන්‍ය ජනතාවට ජිවිකාවට බාධාවක් නොවන බවත්, එම නිසා නැවත ජාතිවාදි ප්‍රශ්ණ හෝ දේශපාලන සටන් පාඨ රැගෙන යාපනයේ ජනතාවට සම්මන්ත්රණ තැබිමට ඉඩ නොදෙන බවට යාපනය ජනතාව පවසා ඇත.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සෙල්වරාසා මහතා..
අපිට කන්න අදින්න ටික ගන්න අපි හම්බ කරගන්නවා.. අපිට ඡන්දයක් ආවම අපි අපිට අවශ්‍ය කෙනො පත් කරගන්නම්.. පාසැල් ගොස් අවසන් වෙලා විශ්ව විද්‍යාලයට ගිය පොඩි ළමයින්ගෙන් උපදෙස් ගන්න තරම්, අපි මෝඩ නෑ.. සමහර විට ඔයාලගෙන් උපදෙස් ගන්න දකුණෙ අය ඉන්නවා ඇති.. ඒ අයට ගිහිං සම්ම්ත්රණ පවත්වන්න, ආර්ථිකය සහ දේශපාලනය ගැන කතා කරන්න කලින් ඉගෙන ගෙන උපාධිය කරගන්න..
විශ්ව විද්‍යාල සිසුන් යනු ?
ශ්‍රි ලංකාව තුල වසර 12 ක කාලයක් පාසැල් නිදහස් අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව විශ්වවිද්‍යාල අධ්‍යාපන දරුවෙකු යන රටේ ධනයෙන් විශාල මුදලක් වැය කර රටේ ආනගතය වෙනුවෙන් යහපත් දෙයක් කිරිමට කරන්නා වූ රටේම ආයෝජනයකි. එම සංකල්පය මූලික කරගනිමින් රටේ පමණක් නොව ලොව පුරාම තම රටේ අධ්‍යාපනයේ පිරිපුන් ජනතාවක් බිහි කිරිමට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරනු ලබයි.නමුත් ඇතැම් පිරිස් නිදහස් අධ්‍යාපනයේ ඵල ලබා විශ්ව විද්‍යාලයට ගියද ශිෂ්‍ය සංගම් සහ ව්‍යාපාර හරහා දේශපාලන ඕනෑ එපා කම් වෙනුවෙන් අතකොළු බවට පත්විම ඉතා ඛේදනීය තත්වයකි, එය පුද්ගලිකව තම අනාගතය අඳුරු කර ගැනිමක් වන අතර රටේ අනාගතය වෙනුවෙන් වැඩ කටයුතු කිරීමට තිබෙන ආයෝජනයක අපතේ යෑමකි.මේ තාක් ශ්‍රි ලංකාව තුල ශිෂ්‍ය ව්‍යාපාර ක්‍රියාත්මක වූයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ ගැටළු මුල්කරගනිමින්ය එය විශ්ව විද්‍යාලයේ කැන්ටිමෙන් දෙන කෑම වේලේ පටන් නිදහස් අධ්‍යාපනය රැකගැනීම දක්වා වන දේශපාලන මැදිහත්වීම් සහ අයවැය යෝජනාවලින්යන් දක්වාද අධ්‍යාපනය පුද්ගලිකරණය කිරීම් වැන් කරුණු වෙනුවෙන් ශිෂ්‍යන් පෙළගැස්වීම දක්වාද සිදුකරනු ලැබීය.වෙනදාට ලිප්ටන් වටරවුමේ, කොටුව දුම්රියපොල ඉදිරිපිට හරියටම හවස 5 වන විට විරෝධතාවය දක්වන ශිෂ්‍ය ව්‍යාපාර දැඩි ලෙස රථවාහන තදබදයට සහ මගී ජනතාව අපහසුතාවයට පසුවන ලෙස කටයුතු කරනු ලැබීවද එය අධ්‍යාපන අයිතින් වෙනුවෙන් කරන සටනක් නිසා ඊට එරෙහි නොවි සිටීමට සාමන්‍ය ජනතාව කටයුතු කරනු ලැබුවේ “හරි මල්ලි අවුලක් නෑ, අපේ දරුවන්ගෙත් අනාගතය වෙනුවෙන්නේ ඔයාලා මේ නහින්නේ” යනුවෙන් නොකිවත් එම අදහස පෙරදැරිකරගෙනයි.
විශ්ව විද්‍යාල සිසුන්ගේ දිශානතිය
නමුත් මෑතකදි පටන් ශ්‍රී ලාංකිය ශිෂ්‍ය ව්‍යාපාරවල දිශානතිය වෙනස් කර දේශාපාලන පක්ෂවල සටන් පාඨ පෙරටුකරගනිමින් කටයුතු කිරිමට ශිෂ්‍ය ව්‍යාපාර පෙළ ගැසී ඇත. එහි ප්‍රධාන කරුණු ලෙස දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම, ත්‍රස්ථවාදය වැලැක්විමේ පනත අහෝසි කිරීම වැනි ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යන කටයුතු වලට කිසිදු බාධාවක් නොවන රටේ ස්වරීභාවය වෙනුවෙන් පනවා ඇති ප්‍රථිපත්ති වෙනස් කිරීමට ආණ්ඩුවට බල කෙරන සටන් පාඨයි.සාමාන්‍ය ජනාතාව ලෙස බැලූ විට මෙය හුදෙක්ම ශිෂ්‍ය ව්‍යාපාර අතකොළුවක් බවට පත් කර ගනිමින් කටයුතු කරන බවට පෙනියයි. දේශපාලන සිරකරුවන් හෝ සාමාන්‍ය සිරකරුවන් මේ කොයි ආකාරයට ලේබල් ඇලෙව්වත් සිරකරුවන්ය එනම් යම් කිසි වරදකට උසාවියක් මගින් ලබා දුන් තින්දුවක් මත හෝ වරදක් කිරිමට සම්බන්ධ හෝ සැකපිට තබා ගන්නා රටේම පුරවැසියන්ය. එම නිතිමය රාමුවට බාධා කිරීමට හෝ ඔවුන් නිදහස් කිරිමට ඉල්ලා සිටීමට ශිෂ්‍ය ව්‍යාපාර ලෙස ඇති අයිතිය කුමක්දැයි ජනතාව ප්‍රශ්ණ කර සිටියි. මන්ද යත් අවුරුදු 18 සම්පූර්ණ වී ජාතික හැඳුනුම්පත සාදාගත් පමණින් රටේ පුරවැසියෙකු වෙනවා යැයි සිතා සිටින ඔවුන් රටේ ජනතාවගේ බදුමුදලින් අධ්‍යපානය ලබා රටේ අභිවාද්ධියට කිසිවක් නොකර තැන තැන උද්ඝෝෂන කර කර සිටින නිසාය.ඔබව විශ්ව විද්‍යාලය දක්වා ගෙන යෑමට රටේ ජනතාව බදුමුදල් විශාල ලෙස ලබා දි තිබෙනවා. ඊට ඔබ ණයගැතියි. අධ්‍යාපනය අයිතියක් නම් ඔබේ යුතුකමද ඉටු කරන්න යැයි ජනතාව ඔබට මකත් කර දෙමින් සිටින බව පෙනි යයි.