දේශීය වෙළෙඳපොළේ පොහොර මිල අඩුකිරීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් තමන්ට දැනුම්දීමක් සිදුකළ බවය.
ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11,000 දක්වා අඩුකිරීමට නියමිතය.