ගුවන්තොටුපොළ පොලිසියෙන් පළාගොස් සිටියදී අත්අඩංගුවට ගැණුන රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබේ.
අත්අඩංගුවට ගැනීමට පෙර සැකකරු නවාතැන් ගෙන සිටි බව කියන අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමට විමර්ශන නිලධාරින් (19) ඔහු රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
එම නිවස විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට අයත් බවට විමර්ශන නිලධාරීන් හඳුනාගෙන ඇත.
කටුනායක ගුවන් තොටුපොළෙන් පළාගිය බූරු මුණා කුරුණෑගල සිට තිරප්පනේ නිවස දක්වා ආරක්ෂිතව රැගෙන යාම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් නීතිඥවරයෙකුට රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇති බවද හෙළි වී ඇති තවත් කරුණකි.
බූරු මූණාට මෙම නිවස සූදානම් කර දී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන, ඉතාලියේ රැඳී සිටින රත්ගම විදුරගේ ඉල්ලීම මත, කොස්ගොඩ තාරකගේ ගෝලයෙකු වන ගගන නැමැත්තා බවත් හෙළි වී තිබේ.
මේ අතර බූරු මූණා හෙළිකළ තොරතුරු මත හංවැල්ලෙන් සොයාගත් පුපුරණද්‍රව්‍ය පිළිබඳව ද ඔහු තවත් කරුණක් හෙළි කළ බව පොලීසිය පවසයි.
ඔහු පවසා ඇත්තේ හංවැල්ලේ ආපන ශාලවක් තුළදී ඝාතනය කළ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ නිවස, ආපන ශාලාව සහ එම ව්‍යාපාරිකයාගේ සහෝදරයාගේ ආපන ශාලාව පුපුරුවා හැරීමට එම පුපුරණද්‍රව්‍ය රැගෙන ආ බවය.