අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජේ.ශ්රීරංගා මහතාව යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
ඒ මහතා වව්නියාව මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසට නියෝග කර ඇත.
රිය අනතුරක් සිදුකොට පොලිස් සැරයන්වරයකුව මරණයට පත් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩු විභාගයට ඉදිරිපත් නොවූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඊයේ (20) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.