මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇති බව අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
පොලීසිය මත්ද්‍රව්‍ය පිළිබඳ නඩු පැවරීමේදී අනුගමනය කරන ක්රියාපටිපාටය සම්බන්ධයෙන් ජනතාව චෝදනා එල්ල කිරීම ඊට හේතුව බව ඊයේ (16) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසීය.
අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා,
“ඉඳලා හිටලා එක සාම්පලයක් වැරදි වෙන්න පුළුවන්. සමහර පොලීසිවලින් සාම්පල 20 – 30 වැරදියට එවනවා. කුඩු නොවන දේවල් විෂ මත්ද්‍රව්‍ය කියලා එවලා තියෙනවා. මේ නීතිය අවභාවිතා වෙනවා. නීතියේ යම් ප්‍රතිසංස්කරණ විය යුතුයි. පැනඩෝල් කුඩු යොදලා සැකකරුවෙකු ඉදිරිපත් කලත් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවෙකු ලෙස රිමාන්ඩ් වෙනවා. මාස ගාණකින් රස පරීක්ෂක වාර්තා එනකොට ඒවායේ විෂ මත්ද්‍රව්‍ය අඩංගු නැහැ. පළිගැනීමට බොරු චෝදනා දානවා කියලා ජනතාව කියනවා. එහි යම් සත්‍යයක් තියෙනවා. ඉදිරි සතිවලදි දැඩි නිරීක්ෂණයක් කරනවා.”