ප්‍රංශය, ඉන්දියාව, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය නාවික හමුදා අභ්‍යාසයක් සඳහා එක්වී තිබේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ ප්‍රංශයේ ප්‍රධානත්වයෙන් මෙම නාවික හමුදා අභ්‍යාසය සිදුකෙරෙන බවය.
ඉන්දීය සාගර කලාපය තුළ එම යුද අභ්‍යාසය ක්‍රියාත්මක අතර මෙවර පැවැත්වෙන්නේ එහි තෙවන අදියරයි.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දීයාව, අමෙරිකාව සහ ජපානය යන රටවල නාවික හමුදාවන්ට අයත් නෞකා මෙම නාවික අභ්‍යාසය සඳහා එක්වී ඇති බවය.
ප්‍රංශය වෙනුවෙන් ඔවුන්ගේ නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ඊට දායක වී ඇත.