Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»බිළිඳාගේ මව අත්අඩංගුවට ගත් පොලිස් ලොක්කාට වැඩ වරදී
    Featured

    බිළිඳාගේ මව අත්අඩංගුවට ගත් පොලිස් ලොක්කාට වැඩ වරදී

    By LFNMarch 12, 2023No Comments2 Mins Read84 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සහ ඇය අපහසුතාවට පත් වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය මඟින් අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

    පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අදාළ පරීක්ෂණය ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

    ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

    අදාළ බිළිදාගේ මව පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳව සැළකිලිමත් වීමකින් තොරව එම කාන්තාව අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද එම පරික්ෂණය පැවැත්වීමට නියමිතය.

    කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක වැසිකිලියක් තුළ අතහැර ගොස් සිටි බිළිඳාගේ මව සහ පියා ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණි.

    කොළඹ කොටුවේ සිට – මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ”මීනගයා” රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිලියේ අත්හැර ගොස් සිටියදී එම බිළිඳා පසුගිය 10 වනදා රාත්‍රියේ සොයාගත්තේය.

    බිළිඳෙකු දුම්රිය මැදිරියක වැසිකිළියක් තුළ සිටින බවට දුම්රිය මගීන්ගෙන් ලැබුණු තොරතුරු මත
    වහා ක්‍රියාත්මක වූ කොටුව දුම්රිය ආරක්ෂක අංශය එහි ගොස් පරීක්ෂා කර තිබුණි.

    ඒ අනුව කූඩයක් තුළ බහා අත්හැරදා තිබූ මේ බිළිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගැණුනි.

    මෙම සිද්ධිය මාධ්‍යයෙන් වාර්තාවීමත් සමග බණ්ඩාරවෙල පොලීසියේ විශේෂ ඒකකයට බිළිඳාගේ මව යැයි සැක සහිත කාන්තාවක් සම්බන්ධයෙන් තොරතුරක් වාර්තා වී තිබුණි.

    එම තොරතුරට අනුව පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු බණ්ඩාරවෙල නායබැද්ද ප්‍රදේශයේ නිවසකට ගියේ එම කාන්තාව සොයාගැනීම සඳහාය.

    ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කාන්තාව බිළිඳාගේ මව බවට තහවුරු කරගැනීමට පොලීසියට හැකිවිය.

    අනතුරුව බණ්ඩාරවෙල පොලීසියේ විශේෂ ඒකකයේ තවත් නිලධාරීන් පිරිසක් ගොස් 25 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.