සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.
අද දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවි ලකුණු 83ක් රැස්කරගෙන සිටියේය.
තරගයේ තුන්වන දිනය වූ අද දිනය ආරම්භ කරන විට නවසීලන්තය සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 162කි.
ඩැරල් මිචෙල් සහ මැට් හෙන්රි ඇතුළු මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් අද දිනයේ නවසීලන්ත ඉනිමට තවත් ලකුණු 211ක් එක්කළේ බිඳවැටී තිබූ නවසීලන්ත ඉනිම ශක්තිමත් කරමිනි.
එහිදී ඩැරල් මිචෙල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පස්වන ටෙස්ට් ශතකය අද වාර්තා කළේය.
ඩැරල් මිචෙල් ලකුණු 102කි.
අංක 8 පිතිකරුවා ලෙස පිටියට පිවිසි මැට් හෙන්රි ලකුණු 72ක් රැස් කළේය.
ඒ අනුව නවසීලන්තය සිය පළමු ඉනිමට සියලුදෙනා දැවි රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 373කි.
පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 85කට කඩුළු 4ක් දවාගත්තේය.
නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 18ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹු ශ්‍රී ලංකා පිලේ කඩුළු 3ක් අද දිනය තුළ දැවීගියෙය.
අද දිනය සඳහා තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට කඩුලු 3ක් දැවි ලකුණු 83ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව, ශ්‍රී ලංකාව මේ වනවිට කඩුලු 7ක් අතැතිව ලකුණු 65 ක් ඉදිරියෙන් සිටී.