Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»ජපාන, කොරියා, ඉතාලි හා ඊශ්‍රායල් රැකියා දෙන්නම් කියන අය ගැන ප්‍රවේශමෙන්
    Featured

    ජපාන, කොරියා, ඉතාලි හා ඊශ්‍රායල් රැකියා දෙන්නම් කියන අය ගැන ප්‍රවේශමෙන්

    By 24x7March 9, 2023Updated:March 9, 2023No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රු.1,195,000.00 ක මුදලක් වංචනිකව ලබාගත් කාන්තාවක, තවත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එලෙස මුදල් ලබාගන්නා අවස්ථාවේදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් 2023.03.07 දින මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    වරකාපොල ප්‍රදේශයේ පදිංචි රජයේ හෙද නිළධාරියෙකුගෙන් ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා මෙම කාන්තාව මෙසේ මුදල් ලබාගෙන ඇති අතර, අදාල රැකියාව ලබානොදීම හේතුවෙන් මේ පිළිබඳව ඔහු විසින් කාර්යාංශයේ විමර්ශන අංශය වෙත පැමිණිලි කර ඇත.

    එම පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගනු ලැබූ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මෙම සැකකාරිය අද දින (2023.03.08 දින) රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    මේ සඳහා කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන් වන බුද්ධික විදානපතිරණ, දිල්හානි සපරමාදු, රවීන්ද්‍ර අබේපාල යන මහත්ම මහත්මීන් සහභාගි වී ඇත.

    දකුණු කොරියාවේ, ජපානයේ, ඉතාලියේ හා ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සඳහා විවිධ පුද්ගලයින් මුදල් දී පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට වැඩි වශයෙන් මේ දිනවල කාර්යාංශයට පැමිණිලි ලැබෙමින් පවතින බව එම කාර්යාශංය පවසයි.

    ඓහෙයින් යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට විදේශ රැකියා සඳහා යාමට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය කාර්යාංශයේ ලියාපදිංචි නීත්‍යානුකූල ආයතනයක්ද යන්නත්, අදාල රැකියා ඇණවුම් එම ආයතනය වෙත ලැබී ඇතිද යන්න සොයා බලන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් හෝ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස අදාල රැකියා නියෝජිතායතනයේ නීත්‍යානුකූලභාවය පරික්ෂා කරන මෙන් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ඔබ ආයතනය මගින් මෙමගින් ඉල්ලා සිටිමි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.