රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින් බළපිටිය ප්‍රදේශයේ සිදු කරනලද වැටලිමකදි මිලි මිටර් 09 පතරොම් 225ක් ජංගම දුර කතනයක් සහ පෙන් ඩ්‍රයිව් එකක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගෙන ඇත්තේ බලපිටිය දුම්රිය පොල පාර පදිංචි 50 හැවිරිදි සංචාරක ව්‍යාපාරිකයෙකි.
සැකකරු සංචාරකයන් සඳහා බෝට්ටු සේවාවක් සහ ආපන ශාලාවක් පවත්වා ගෙන යනු ලබන අතර එම ව්‍යාපාරික ස්ථානයේ පිටුපස වල දමා තිබියදි මෙම පතරොම් තොගය සොයාගෙන ඇත.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.