අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ විපක්ෂය අයවැය යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම විහිළුවක් බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහතා පැවැසීය.
ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් හා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඇය මේ බව සඳහන් කළේය.
“අපි අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. විපක්ෂයේ සියළුම දෙනා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නා. ඒ කියන්නෙ මහා භාණ්ඩාගාරයෙන් අයවැයට මුදල් වෙන් කරන එකට ඒ අය විරුද්ධයි කියන එකනේ. අයවැයට විරුද්ධව ඡන්දය දුන්නනම් ඇයි ඡන්දයට මුදල් දෙන්න කියල කෑගහන්නේ. එහෙම කරන්න අයිතියක් නැහැ.”
මේ රට තියෙන්නෙ ඡන්දයක් තියන්න පුළුවන් තත්ත්වයකද? දැන් මිනිස්සුන්ට ඕන ඡන්දයක්ද, සහනද?. ඡන්දයක් පවත්වල සභිකයන් 8711ක් පත්කරගෙන නැවත බඳු ගෙවන්නද ඕන. මේ වෙලාවේ ඡන්දයක් ඉල්ලන්නේ බල තණ්හාවටයි. මිනිස්සුන්ට ඒක පැහැදිලියි. මේ වෙලාවේ ඡන්ද තියල මැජික් පෙන්වන්න බැහැ.
විපක්ෂනායකතුමාට කවුරු හරි ඩොලර් දෙනවද රට ගොඩ දාන්න. මේ මැතිවරණයෙන් රජය වෙනස් කරන්න බැහැ. මේ පාරට බැහැල නටන විහිළු මොකද්ද? පසුගිය මාස දෙකේදි ලක්ෂයකට වඩා සංචාරකයන්මේ රටට ආවා. මේ විදියට පාරට බැහැල දඟලන කොට රටට මිනිස්සු ඒවිද? අපිට ලැබෙන ටිකත් නැති කරන එකක් මේ අයකරන්නේ.”