ඇතැම් වෘත්තීයන්හි නිරත පිරිස් තම ආදායම් සඟවා බදු ගෙවීම් පැහැර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ අනුව එවැනි පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
බදු ආදායම් රැස්කර ගැනීම සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර (01) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් දී තිබේ.
එසේම ආදායම් බදු නිලධාරීන්ගේ හිඟය පියවීම සහ බදු එක්රැස් කර ගැනීමේ දත්ත පද්ධතිය සම්බන්ධයෙන් ද එහිදී කරුණු සාකච්ඡා වී ිතබේ.