Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Local News»‘සර්ව ජන ඡන්ද බලය’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක්
    Local News

    ‘සර්ව ජන ඡන්ද බලය’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක්

    By 24x7March 2, 2023No Comments2 Mins Read253 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්මේන්තුව මාර්තු 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මේ අනුව පාර්ලිමේන්තුව ලබන 7 වැනිදා ‍පෙ.ව 9.30ට රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 4.00 දක්වා මෝටර් වාහන පනත යටතේ අංක 2287/28, 2301/17 සහ 2306/02 දරන ගැසට් පත්‍රවල පළකර ඇති  නියෝග විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

    අනතුරුව ප.ව 4.00 සිට ප.ව 5.30 දක්වා, ආණ්ඩුව විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ  යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

    මාර්තු 8 වැනිදා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ගරු ජනාධිපතිවරයා විසින් පනවන ලද අංක 2321/07 දරන ගැසට් පත්‍රයේ සදහන් නියමය විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතව තිබේ.

    ඉන්පසු පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා සුරාබදු ආඥා පනත යටතේ අංක 2290/24 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය, ආනයන හා අපනයන පාලන පනත යටතේ 2315/46, 2309/40, 2311/08, 2311/18, 2312/77 සහ 2312/78 යන අංක දරන ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසි සහ කොළඹ වරාය නගරය කොමිෂන් සභාව පනත යටතේ අංක 2306/54 දරන ගැසට් පත්‍රයේ පළකළ නියෝග විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට මෙහිදී තීරණය වී තිබේ.

    අනතුරුව රජයේ විවිධ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව ඉදිරිපත්කර තිබූ යෝජනා 24 ක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත. තවද පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් වන ඉන්දිරා පිළිකා භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවනවර කියවීමටද මෙහිදී එකගත්වය පළවී තිබේ.

    ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

    ‍මාර්තු 9 සහ 10 දෙදින ‘සර්ව ජන ඡන්ද බලය’ පිළිබඳව විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ  යෝජනාවට අනුව විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බව මහලේකම්වරයා පැවසීය.  එම දෙදින ‍පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023063 Views

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස්…

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.