කයිට්ස් ශාන්ත මේරි ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී පිළිස්සී මියගිය කාන්තා මළසිරුරු 02ක් සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවය.
මියගොස් ඇත්තේ 72 හැවිරිදි සහ 74 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
අදාළ කාන්තාවන් දෙදෙනා නිවසේ තනිව පදිංචිව සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ඔවුන් දෙදෙනාගෙන් එක් කාන්තාවක් විවාහක තැනැත්තියක් වන අතර, ඇයගේ සැමියා සහ පුත්‍රයා ද මේ වනවිට මියගොස් ඇතැයි අනාවරණය වුණි.
එම කාන්තාවන් පිළිස්සීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කයිට්ස් පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.