ලෝක බැංකුවේ සභාපතිධුරය සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නාම යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලෝක බැංකුවේ සභාපතිධූරය සඳහා නම් කර ඇත්තේ ඉන්දියානු සම්භවයක් සහිත අමෙරිකානුවෙක් වීම විශේෂත්වයකි.
ඔහු මාස්ටර්කාඩ් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි අජේ බංගා ය.
ලෝක බැංකුවට නායකත්වයදීමට අජේ බංගා අද්විතීය ලෙස සන්නද්ධව සිටින බවත්, ඔහු සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සඳහා රැකියා සහ ආයෝජන අවස්ථාව ගෙන එමින් සමාගම් සඳහා නායකත්වය දුන් කීර්තිමත් ව්‍යාපාරිකයෙකු බවත් ජෝ බයිඩන් පැවසූ බවද ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.