පාසල් සිසුන්ට නොමිලේ ලබා දෙන නිල ඇඳුම් රෙදි බෙදාහැරීම ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
උතුරු නැගෙනහිර,උතුරුමැද සහ ඌව වැනි පළාත්වල පාසල්වලට මුලින් නිලඇදුම් රෙදි ප්‍රවාහනය කරන අතර ක්‍රමයෙන් දිවයිනේ අනිකුත් පළාත්වලටද නිලඇදුම් රෙදි බෙදාහරින බව සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.
නිල ඇඳුම් රෙදි සඳහා වැය වන මුදල රුපියල් කෝටි 780 ක් වන අතර ඉන් රුපියල් කෝටි 550 ක රෙදි චීනෙන් ලැබුණු බවද ඒ මහතා සඳහන් කළේය.
මෙරට පාසල් සිසුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවෙන් සීයයට 70 ක්ම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු බවද අධ්‍යාපන ඇමැතිවරයා කීය.