භූ කම්පනයෙන් දැඩි බලපෑමට ලක්වූ තුර්කියේ ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි ඉදිකළ කොන්ත්‍රාත්කරුවන් 160 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලු ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක ප්රමිතීන් උල්ලංඝනය කරමින් සිදුකර ඇති ඉදිකිරීම්වලට අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවය.
ඒ අනුව හඳුනාගත් පුද්ගලයින් 564 දෙනෙකුගෙන් 160 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු සඳහන් කර ඇත.
භූ කම්පනයෙන් අවතැන්වූවන්ට නිවාස ඉදිකිරීමට තුර්කි රජය කටයුතු කරමින් සිටින අතර වසරක් ඇතුළත එම කටයුතු අවසන් කරන බවද තුර්කි ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
භූ කම්පනයෙන් තුර්කියේ පමණක් පුද්ගලයින් 43,556 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර නිවාස හා ව්‍යාපාරික ආයතන 07 ලක්ෂ 50,000කට පමණ හානි සිදුවී ඇති බව තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.