Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»යුද හමුදාපතිගෙන් ආඥාපතිවරුන්ට දුන් උපදෙස
    Featured

    යුද හමුදාපතිගෙන් ආඥාපතිවරුන්ට දුන් උපදෙස

    By LFNFebruary 24, 2023No Comments2 Mins Read90 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇත .

    2022 වසර තුළ යුද්ධ හමුදා බුද්ධි අංශ මගින් රැස්කරගත් බුද්ධි තොරතුරුවලට අනුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් 981 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    අදාළ වැටලීම්වලදී කේරළ ගංජා කිලෝ 717ට ආසන්න ප්‍රමාණයක්, ගංජා කිලෝ 685ට ආසන්න ප්රීමාණයක්, අයිස් කිලෝ 14කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. ඊට අමතරව කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟින් සැකකරුවන් 831 දෙනෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය වෙත භාර දී ඇත.

    එසේම නීති විරෝධී දේශීය මත්පැන් බෝතල් 20 ක් සහ ලීටර් 28000 කට ආසන්න ප්‍රමාණයක් සහ විදේශීය මත්පැත් බෝතල් 57ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇත.

    මීට අමතරව නීතිවිරෝධී දුම්වැටි කාර්ටූන් 59ක් සහ පෙට්ට් 4ක් , මත්පෙති 75181ක් සහ කාර්ඩ් 10ක්, මදන මෝදක ගුලි 155ක් සමඟ සැකකරුවන් 61 දෙනෙකු 2022 වර්ෂයේදී යුද්ධ හමුද‍ාවට ලැබුණු බුද්ධි තොරතුරු අනුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

    තවද 2023 වසරේ ගතවු කාලය තුළ යුද්ධ හමුදා බුද්ධි අංශ රැස්කළ බුද්ධි තොරතුරුවලට අනුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 138 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ අනුව කේරළ ගංජා කිලෝ 52කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 43 දෙනෙකු, ගංජා කිලෝ 24කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් 21ක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍ර සමඟ සැකකරුවන් 73 දෙනෙකුත් අඩංගුවට ගෙන ඇත.

    නීති විරෝධී මත්පැන් බෝතල් 78ක්, ලීටර් 50කට වැඩි ප්‍රමාණයක් සහ විදේශීය මත්පැන් බෝතල් 30ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකුත්, නීතිවිරෝධි දුම්වැටි කාර්ටූන් 19 ක් සමඟ සැකකරුවන් තිදෙනකෙුත් මත්පෙති සහ මදන මෝදක සමඟ සැකකරුවන් තිදෙනෙකුත් අත්අඩංගුවට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023063 Views

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස්…

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.