ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් මේසය මත සවිකොට තිබු මයික්‍රොෆෝනය ගලවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක් එල්ලකර තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ හබරාදුව ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාව ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
හබරාදුව ප්‍රාදේශීය සභාවේ ඊයේ (21) පැවති මාසික සභා රැස්වීම අතරතුරදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.