එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයින් 1,137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ගත් ඒකමතික තීරණයකට අනුවය.
අදාළ සාමාජිකයින් වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ සිද්ධි හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.