මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර හමුවී තිබේ.
ඊයේ (17) පෙරවරුවේ සිසුන් පිරිසක් මුහුදේ දියනාමින් සිටියදී ඉන් තිදෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්වී තිබුණි.
එලෙස අතුරුදන්වී තිබුණේ 17 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකි.
ඔවුන් උපකාරක පන්ති යන බව පවසා මුහුදේ දියනෑමට ගොස් ඇති බවට ද පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.