අලවතුගොඩ පොලිස් වසමේ ඒ – 9 මාර්ගයේ වැලිකන්ද හන්දියේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කළේ, පල්ලේකැලේ සිට යාපනය දක්වා ධාවනය වූ යුද හමුදාවට අයත් ප්‍රයිමෝර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදි දෙකක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි.
අනතුරින් බරපතළ තුවාල ලැබු එක් යතුරුපැදිකරුවෙක් මාතලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 58ක් වූ උකුවෙල පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් යුද හමුදා රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.