මැතිවරණය කඩාකප්පල් කර ජාතික ජන බලවේගය ප්රචණ්ඩත්වය කරා යොමුකර, තම දේශපාලන ව්‍යාපාරය මර්දනය කර දැමීමට ජනාධිපතිවරයා දරන උත්සාහයට හසු නොවන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඔහු ඊයේ කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් අවධාරණය කළේ පළාත් පාලන ඡන්ද විමසුම ප්‍රමාද කිරීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව ගත හැකි ප්රබලතම ක්‍රියාමාර්ග ගන්නා බවය.