අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ රාජතාන්ත්රික නිලධාරීයෙකු ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ, අමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින්.
ඔවුන්ගේ පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්රදේශවල ආරක්ෂාව තර කර තිබූ බව වාර්තාවේ.
දිවයිනට පැමිණි එම පිරිස කටුනායක ගුවන් තොටුපළේ සිට පොලිස් පෙර ගමන් රථ දෙකක් ඇතුළු වාහන 12 කින් ඊයේ රාත්රියේ කොළඹ බලා රැගෙන ගොස් තිබෙනවා. එම කාලසීමාව තුළ වෙනත් කිසිදු වාහනයකට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට ඇතුලුවීමට අවස්ථාව නොදුන් බවයි වාර්තාවන්නේ.