අද (13) දින ධාවන වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය වාර විශාල ප්‍රමාණයක් ධාවනය නොවන බවට වාර්තා වෙයි.
මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.
ප්‍රධාන මාර්ගයේ ධාවනය වන කාර්යාල දුම්රියන් වන මහව සිට කොළඹ සහ මොරටුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රියද ධාවනය නොවන බව නිවේදනය කර තිබුණි.
මීට අමතරව ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා කාර්යාල දුම්රිය කිහිපයක් ද අද උදෑසන අවලංගු කර තිබුණි.
මේ අතර මුහුදු බඩ මාර්ගයේ හික්කඩුව සිට මරදාන දක්වා උදෑන 5.25ට ධාවනයවීමට නියමිතව තිබූ කාර්යාල දුම්රියක්ද ධානවය නොවන බව වාර්තා වේ.
මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තවත් කාර්යාල දුම්රිය කිහිපයක්ද අවලංගු කර ඇති අතර ගාල්ලේ සිට මරදාන දක්වා ධාවනය වන සමුද්‍රදේවී දුම්රිය ධාවනය වී තිබුණි.