Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»PUCSL නඩුවට වියදම් කළ මුදල් ගැනත් තීරණයක්
    Featured

    PUCSL නඩුවට වියදම් කළ මුදල් ගැනත් තීරණයක්

    By LFNFebruary 11, 2023No Comments2 Mins Read52 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (10) නියෝග කළේය.

    මේ අතර, උසස් පෙළ සමයේ විදුලි කප්පාදු නොකරන්නැයි කළ විධානයක් උල්ලංඝනය කිරීමෙන් සිය කොමිසමට අපහාසයක් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ පැමිණිල්ලත් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර තිබුණි.

    උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම අද සලකා බැපුනේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල ඉදිරියේදීය.

    අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට ලංකා විදුලිබල මණ්ඩලය පොරොන්දුවී තිබුණද විදුලි කප්පාදුව සිදුවීම නිසා අදාළ විභාගය සඳහා මුහුණදෙන සිසුන් දැඩි අපහසුතාවයකට පත්වී සිටින බව ඔවුන්ගේ දෙමව්පියන් විසින් පැමිණිලි කර තිබෙන බව මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වුණි.

    ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ සෙසු සාමාජිකයින් දෙදෙනා අනුමැතිය පළකර නොමැති බවය.

    මෙම පෙත්සමේ අන්තර්ගත කරුණු පදනම් විරහිත බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

    ඒ අනුව පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ කරුණු අනාවරණය නොවන හෙයින් එය ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

    එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වූයේ උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හිතුවක්කාර ආකාරයෙන් තීරණ ගනිමින් ගොනුකළ මෙම නඩුකරය වෙනුවෙන් වැය කළ මුදල් මහජන උපයෝගීතා කොමිසමේ මුදල්වලින් ගෙවිය යුතු නැති බවය.

    ඒ පිළිබඳව විමර්ශනයක් කිරීම සඳහා මෙම නඩු තීන්දුව රජයේ විගණකාධිපතිවරයා වෙත යොමුකරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023076 Views

    විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත…

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023

    වැඩි මිලට බිත්තර වික්කාට ලක්ෂ 9ක් දඩ

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.