Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»ඡන්දෙ ළං වෙනකොට ජනප්‍රිය තීරණ ගන්න පුළුවන් – ජනපති
    Featured

    ඡන්දෙ ළං වෙනකොට ජනප්‍රිය තීරණ ගන්න පුළුවන් – ජනපති

    By LFNFebruary 11, 2023No Comments1 Min Read72 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනප්‍රිය තීන්දු ගැනීමට සිදුවන්නේ මැතිවරණ කාලවලදී බැවින් දැන් එළඹ ඇත්තේ ජනප්‍රිය තීන්දු නොව, රට ගොඩනැගීම සඳහා අසීරු තීරණ ගන්නා කාලය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොරියානු HYUNDAI මෝටර් රථයක් මෙරටදී පළමුවරට එකලස් කොට වෙළෙඳපොළට නිකුත් කිරීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමිනි.

    ශ්‍රී ලංකාව තුළ පළමුවරට එකලස් කරන ලද HYUNDAI GRAND i10 මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස සිදුකෙරුණි.

    ඉන් අනතුරුව අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ,

    “මට කිසිම සැකයක් නැහැ. තව මාස කිහිපයක් යනවිට මීට වඩා දියුණුවක් ඇති වෙනවා. ඒ අනුව එන වර්ෂය වෙනවිට වාහන ගන්න පාරිභෝගිකයින් බිහි වෙනවා. අලෙවියක් නැත්තම් ව්‍යාපාරිකයෙක් මුදල් ආයෝජනය කරන්නේ නැහැ.”

    “දේශපාලනඥයෙන් ජනප්‍රිය වෙනවා නම් ගන්න අකමැති තීරණ තිබෙනවා. නමුත් ඒ තීරණ දැන් අරගෙන තිබෙනවා. තව ටික කාලයක් තමයි මේ බර විඳින්න තියෙන්නේ.”

    “මේ අසීරු තීරණ ගත්තේ නැත්නම්.. අද අපි මේ තත්ත්වයේ ඉන්නේ නැහැ. ජනප්‍රිය තීරණ ගන්න තියෙන්නේ මැතිවරණයක් ළං වෙනකොට. දැන් තියෙන්නේ ඒ තීරණ නෙමෙයි. රට දියුණු කරන තීරණ අරගන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023063 Views

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස්…

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.