නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ ඇතත් එම කමිටුවේ මෙයට පෙර සභාපති ධූරය දැරූ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි සාමාජිකයකු වශයෙන් හෝ පත් කර නොතිබීම විශේෂත්වයකි.
එම කමිටුවට පත්කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කළේය.
ඒ අනුව එම කමිටුව සදහා පත්කරනු ලැබ සිටින්නේ විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු, ශෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වෛද්‍ය සීතා අරඹේපොල, ආචාර්ය සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නිමල් ලාන්සා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, නීතිඥ මධුර විතානගේ සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරු වෙති.
නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වෙනි සභාවාරය වාර අවසාන කිරීමත් සමග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අහෝසි විය.