රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව විදුලි, ජල, වරාය සහ ඛනිජ තෙල් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව ඔවුන් කොටුව දුම්රියපල ඉදිරිපිට මේ වනවිට උද්ඝෝෂණයක නිරත වනවා.
ඒ හේතුවෙන් කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් අවහිර වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මේ අතර බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෘත්තීය සමිතිවලට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.
කොටුව පොලීසිය සිදුකළ දැනුම්දීමකට අනුව අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට, ජනපති කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ ගාලුමුවදොර භූමියට ඇතුළුවීමට නොහැකි වන පරිදියි.