එතිහාසික මිහින්තලේ පුදබිමට ලබාදුන් ආරක්ෂාව ඉවත් කිරීම ජනවරමක් නොමැති වත්මන් අණ්ඩුව සිදුකළ ද්‍රෝහී ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය.
එමගින් රටේ උත්තරීතර ව්‍යවස්ථාවෙන් පවා සනාථ කර අැති සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ, ප්‍රවර්ධනය කිරීමේ සහ සුරක්ෂා කිරීමේ වගකීම පවා උල්ලංඝනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (3) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව පැවසීය.
එතිහාසික මිහින්තලේ පුදබිමේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක අංශ පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබීම පිළිබඳ කනගාටුව පළ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එසේ ආරක්ෂාව ඉවත් කිරීම තුළින් එහි ඇති ඓතිහාසික වටිනාකමක් සහිත පුරාවස්තු, සොරුන්ට නිරාවරනය වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.