අනාගත සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මාතලේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ නව මැතිවරණ ප්රචාරක ලේකම් ලෙස පත්කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ද ප්‍රථම වරට මෙම ජන රැළියට එක් වුණි.