Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් අපි හදමු – වසන්ත මුදලිගේ
    Featured

    ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් අපි හදමු – වසන්ත මුදලිගේ

    By LFNFebruary 2, 2023No Comments2 Mins Read86 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවෙන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.

    අද (02) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කළේය.

    “සැලසුම් කරලා තිබ්බේ මාව මේහෙම නිදහස් කරන්න නෙමෙයි. හැකිනම් ඝාතනය කරන්න. මර්දනය ඉදිරියේ ජනතාව හිස නොනැමීම හමුවේ අපිව නිදහස් කරන්න සිදු වුණා. මාව අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ පොලීසියෙන්. පෑලියගොඩ පොලීසියට අරගෙන ගිහින් හංගලා වගේ තියා ගත්තා. පහුවදා උදේ පාන්දර රෙදිවලින් ඔතලා එඩේරමුල්ල පොලීසියට අරන් ගියා. ඒ පොලීසිය හිස් කරලා තිබ්බේ. විජේවීරට වුණු දේ උඹට මතකද ඇහුවා. මරණවා කියලා තර්ජනය කරලා. දිගින් දිගටම රඳවගෙන වධ දුන්නා. මානසිකවත් වධ දුන්නා.”

    “ඊට පස්සේ වාහනයක දාගෙන වෙරළබඩ පැත්තේ පොලිස් නේවාසිකාගාරයකට අරන් ගිහින් බිම් මහලේ කරුවල කාමරයක දාලා පැය ගාණක් රෙදිවලින් ඔතලා තිබ්බා.”

    “අවසාන කෑම වේල කන්න ඕනෙද කියලා ඇහුවා.”

    “තව දවසක් වාහනයක දාගෙන නවගමුවේ දේවාලය පහළ ගඟ අයිනේ පාළු පැත්තකට අරන් ගිහින්..කෝල් එකක් අරගෙන කාටද කියනවා සර් අපි අදාළ තැනට ඇවිත් තියෙන්නේ.. මොකද කරන්න ඕනේ කියලා.”

    “ඒ වෙලාවේ නවගමුව දේවාලේ ආරක්ෂාවට හිටිය පොලිස් නිලධාරියෙක් එනවා.. අන්න අරූ එනවා කියලා තව නිලධාරියෙකුට කිව්වා.. ඔහුව නවත්වන්න කියලා.”

    “මදූෂ්ව ඝාතනය කළ හැටි කිව්වා. මාව ඝාතනය කරන්න සැලසුම් කළා.”

    “මාව අරන් ගියේ විමර්ශන ස්ථානවලට ද? මේවට නිශ්චිත උත්තරයක් පොලීසිය දෙන්න ඕනේ. මේක සැලසුම් සහගතව කරපු දෙයක්.”

    “ඊට පස්සේ තමයි ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දුන්නා.”

    “හොර රහසේ අපිව අරන් යද්දි, පොලීසියේ ඉන්න විශාල පිරිසක් අපිව ආරක්ෂා කළා. ඒ නිසා තමයි අද මම නිදහස් වුණේ.”

    “හැබැයි තාම මර්දනය නතර කරලා නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියන්නේ කුරිරු පනතක්.”

    “නිදහස් කළා කියලා අරගලය ඉවර නැහැ. අරගලය අඛණ්ඩව යනවා.”

    “ඔවුන් ත්‍රස්තවාදය වපුරලා අපිට ලේබල් ගහනවා.”

    “ආණ්ඩු කොහොම පත්වුණත් අපේ ප්‍රශ්නය එහෙමමයි. එහෙම නැහැයි කියනවා නම් ආපසු හැරිලා බලන්න.”

    “අපේ ඇත්ත අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව අරගල කරනවා. ඕනෑම ආණ්ඩුවක් දණ ගස්වන බලයක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා මැදිහත් වෙමු.”

    “ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් දැනටමත් ගොනුකර තිබෙනවා. පීඩාවට පත් කරපු නිලධාරීන්ට විරුද්ධවත් තනි තනිව නීතිමය පියවර ගන්නවා.”

    “අපි 4 වනදා විරෝධතාවයක් ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. 04 වනදා කොළඹ එන්න අපේ නිදහස දිනා ගන්න. කොළඹ එන්න බැරි අය ළඟම හන්දියට කළු කොඩියක් අරගෙන එන්න.”

    “අඩි 4යි 7තේ යකඩ කූඩුවක දාලා තිබුණා. අඳුරුම අඳුරු.. කිසිම ඉර එළියක්වත් එන්නේ නැහැ. නාන්න දුන්නේ කොමඩ් එකේ හෑන් ෂවර් එකෙන්. කෑම එක බිම දාගෙන යකඩ තහඩුවක කෑවේ. අපිව අසනීප කරන්නමයි එහෙම කළේ. ප්‍රතිකාරවලට යොමු කළෙත් ගොඩාක් පහු වෙලා.”

    “පොලීසියේ තරු ගහගන්න හීන නැති හැමෝම කතා කළා. මල්ලී අපිත් අරගලයේ තමයි.. කියලා කිව්වා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023063 Views

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස්…

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.