ජර්මන් ජාතික සංචාරක නියෝජිතයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. මෙරට දින 07 ක අධ්‍යයන චාරිකාවක් සඳහා එම පිරිස අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව වාර්තාවේ.
ඔවුන් මෙම කාලසීමාව තුළ හබරණ, දඹුල්ල, මහනුවර, නුවරඑළිය, බෙන්තොට සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි.
මෙම සංචාරක නියෝජිතයන් පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව වාර්තාවේ.