ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙත ලබාදීමට යෝජිත විස්තීර්ණ මූල්‍ය පහසුකම සදහා අවශ්‍ය අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් චීනය ශ්‍රී ලංකාව වෙත ලබාදුන් ණය සහනය ප්‍රමාණවත් නොවන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
ශ්‍රී ලංකාව සඳහා අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට චීනයෙන් තවත් සහතික කිරීම් අවශ්‍ය බව එම ආරංචි මාර්ග පවසන බවද ඩේලි මිරර් පුවත් සේවය පවසයි.
චීනයේ විදේශ අමාත්‍යාංශය මේ සතියේ ප්‍රකාශ කර තිබුණේ චීනයේ අපනයන ආනයනි බැංකුව (EXIM) ශ්‍රී ලංකාවට වසර දෙකක ණය දිගුවක් ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත්, ඉහළ රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ මෙම සහනයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන ඉදිරියට පවත්මෙවාගෙන යාම වෙනුවෙන්ම එය ප්‍රමාණවත් නොවන බවයි.
මේ අතර, ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් පැරිස් සමාජයද ප්‍රධාන නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවද එම වාර්තා පවසයි.
ශ්‍රී ලංකාව තවදුරටත් ආර්ථික හා මූල්‍ය කඩාවැටීමෙන් ගලවා ගැනීම සඳහා තවත් වසර 15ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සමඟ රට සඳහා වසර 10 ක ණය කපා හැරීමක් යෝජනා කරන බව පැරිස් සමාජය පසුගියදාප්රකාශ කර තිබුණි.
ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවශ්‍ය මාර්ගය සකස් කරන ලෙස ඉන්දියාව දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දන්වා ඇත.