Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Local News»මාසික වැටුප් වෙනුවට සති වැටුප් ගෙවන්න
    Local News

    මාසික වැටුප් වෙනුවට සති වැටුප් ගෙවන්න

    By 24x7January 26, 2023No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැටුප් ලබන්නා මෙන්ම වැටුප් ගෙවන්නා ණය උගුලකට හිරවිම වැළැක්වීම සඳහා මාසික වැටුප් වෙනුවට සති වැටුප් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල රජයට හා පෞද්ගලික අංශයට යෝජනා කරයි. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

    “ආණ්ඩුවේ සේවකයින්ට මාසික වැටුප් ගෙවන දිනයේ දී සියලු දෙනාට ඒවා ගෙවන්න බැරි වේවි යැයි ආණ්ඩුවේ ඇමතිවරුන් පැවසුවා. ආණ්ඩුවට විතරක් නොවේ මේ ආර්ථික අර්බුදය හමුවේ පෞද්ගලික සමාගම් වලටත් මාසික වැටුප් ගෙවීම බරපතල අභියෝගයක් වෙලා තිබෙන්නේ.

    ඒ නිසා පෞද්ගලික අංශය පොලියට ණයට ගනිමින් තමයි සේවකයන්ට වැටුප් ගෙවන්නේ. අනිත් පැත්තෙන් ජනතාවට බදු නිසා ආදායම අඩු වෙලා. උද්ධමනය නිසා වියදම වැඩි වෙලා. ඒ නිසා ලැබෙන වැටුපෙන් පරණ පුරුදු විධියට වියදම් කරන්න බැරි වෙලා. එහි අවසන් ප්‍රතිඵලය තමයි මාසයකට ලැබුණු වැටුප සති තුනක් වෙන්නත් කලින් අවසන් වීම.

    ඉතිරි සතිය ගත කරන්න පොලියට ණය ගන්නවා. ඊ ලඟ මාසයේ පොලියත් එක්ක ණය ගෙවන විට අර්බුදය තවත් උග්‍ර වෙනවා. අවසානයේ ජනතාව ණය උගුලක සිර වෙලා බෙල්ල වැල දා ගන්නයි වෙන්නේ.

    වැටුප් ලබන්නායි වැටුප් ගෙවන්නායි දෙන්නාම ණය උගුලක සිර කරන මාසික වැටුප් වෙනුවට සති පතා වැටුප් ගෙවීමට අපි යෝජනා කරනවා. එතකොට දැවැන්ත මුදලක් එක දවසක ගෙවන්න තිබෙන පීඩනයෙන් වැටුප් ගෙවන්නා නිදහස් වෙනවා. ඒ වගේම මාසික වැටුප සති තුනෙන් අවසන් වීමෙන් සිරවෙන ණය උගුලෙන් මිදීමට වැටුප් ලබන්නට හැකි වෙනවා. වැටුප් ගෙවන්නාත් වැටුප් ලබන්නාත් දෙන්නම ණය උගුලේ සිර වීමේ අවදානමෙන් මුදා ගැනීමට සතිපතා වැටුප් ගෙවීමෙන් පිටුවහලක් වෙනවා.

    ඒ වගේම ලෝකයේ බොහෝ රටවල දැන් වැටුප් ගෙවන්නේ සති පතා හෝ දෙසතියකට වරක් මිස මාස් පතා නොවන බවත් සිහිපත් කරන්න ඕනෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    වැඩි මිලට බිත්තර වික්කාට ලක්ෂ 9ක් දඩ

    March 22, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023076 Views

    විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත…

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023

    වැඩි මිලට බිත්තර වික්කාට ලක්ෂ 9ක් දඩ

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.