Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Local News»කුමන්ත්‍රණ පරාජය කරනවා – සජිත්
    Local News

    කුමන්ත්‍රණ පරාජය කරනවා – සජිත්

    By 24x7January 25, 2023No Comments2 Mins Read269 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ ජනතා පරමාධිපත්‍ය කෙළෙසන සියලුම කුමන්ත්‍රණ පරාජය කිරීමට විපක්ෂනායකවරයා ලෙස තමා නායකත්වය ලබාදෙන බවත්, ඒ අනුව පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණ දියත් කළ පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    එමෙන්ම ෙහට (25දා) ව්‍යවස්ථාදායක සභාවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කර නව සාමාජිකයන් පත් කිරීමේ සූදානමක් පවතින බවත්, එලෙස කටයුතු කරන්නේ නම් සම්පූර්ණයෙන් එම ක්‍රියාව පරාජය කිරීමට කටයුතු කරන බවත් අද (24දා) විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.

    “මාස ගණනාවක් මුළුල්ලේ මේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් එක සහ ආණ්ඩුවේ සෙසු අය දැවැන්ත ජනතා විරෝධී කුමන්ත්‍රණයක නියැළෙනවා. ඒ කුමන්ත්‍රණය තමයි පළාත් පාලන ඡන්දය වැළැක්වීමේ, කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණය. එක වෙලාවක හපුහින්න මගඩිය හරහා හොර තීන්දු, බොරු තීන්දු, වංචාකාර තීන්දු කැබිනට් එකෙන් ගත්තා කියලා හපුහින්න හරහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඇප මුදල් තැන්පත් කිරීම තහනම් කිරීමේ ජාතිද්‍රෝහී ක්‍රියාවලිය මේ රජය ක්‍රියාත්මක කරනවා. තවත් වෙලාවක භාණ්ඩාගාරයේ ලේක්ම්වරයා උපයෝගී කරගෙන කියනවා රජයට සල්ලි නෑ, මැතිවරණයට සල්ලි දෙන්න බෑ කියලා.

    මේ මගඩියේ ඊළඟ පියවර විදියට අපට එක එක කතාබහ ඇහෙනවා හෙට පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාව හරහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වෙනස් කරලා, මේ මැතිවරණ ක්‍රියාවලිය අඩපණ කරන්න හදනවා කියලා.

    මම පැහැදිලිව කියන්න කැමතියි සමගි ජන බලවේගය හපුහින්න මගඩියට විරුද්ධව, ඒ වගේම භාණ්ඩාගාර ලේකම්ගේ කුමන්ත්‍රණයට විරුද්ධව අපි අධිකරණයට යනවා. එලෙස අධිකරණයට ගොස් ජනතා පරමාධිපත්‍ය කෙළෙසීමේ, ජනතා ස්වෛරීත්වය විනාශ කිරීමේ ඒ වරදට ඔවුන්ව අධිකරණය හමුවට පමුණුවන්නට අපි ස්ථිරවම නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා.

    ඒ වගේම හෙට දිනයේ පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාව රැස්වී මොනයම් හෝ ආකාරයකින් පාවිච්චි කළොත් මැතිවරණය කඩාකප්පල් කරන්න, මාර්තු 09 වැනිදා පැවැත්වෙන මැතිවරණය කල් දමන්න කටයුතු කරනවා නම් අපි සම්පූර්ණයෙන්ම පරාජය කරන්න සැදී පැහැදී සිටිනවා.

    ඒ කුමන්ත්‍රණය, රටේ ජනතාවගේ අයිතීන් මර්දනය කරන්න ගන්න පහත් නීච ක්‍රියාව අපි නියත වශයෙන්ම පරාජය කරනවාමයි. විපක්ෂනායකවරයා ලෙස මම නායකත්වය ලබා දෙනවා මේ රටේ ජනතා පරමාධිපත්‍යය කෙළෙසන සියලුම කුමන්ත්‍රණ පරාජය කරන්න. අපි එකපයින්ම මේ රටේ ජනතා අයිතිය ශක්තිමත් කිරීමේ ගමනට, ඡන්ද පැවැත්වීමේ ගමනට අපි එදත් පක්ෂයි, අදත් පක්ෂයි, හෙටත් පක්ෂයි* යනුවෙන් කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.