G20 රාජ්‍ය නායක සමුළුවේදී ඉන්දියාවේ සභාපතිත්වයේ සාර්ථකත්වය වෙනුවෙන් දායකත්වය ලබාදෙන බව ඉතාලිය පවසයි.
දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය මෙම වසරේදී සැමරීමට ද නියමිතය.
ඒ අනුව ඉන්දියාවේ ඉතාලි තානාපතිවරයා පවසා ඇත්තේ, ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සුභවාදී ආකල්ප මෙවර G20 සමුළුවේ සභාපතිත්වය ලබාගැනීම සඳහා ඉන්දියාවට මාර්ගය සැකසූ බවද ඉන්දියාවේ ඉතාලි තානාපතිවරයා පවසා තිබේ.
එමෙන්ම කොරෝනා වසංගතය මධ්‍යයේ රෝමයේ පැවැති G20 සමුළුව සාර්ථක කරගැනීම සඳහා ඉන්දියාව දැක්වූ දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක්වී තිබේ.