2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.
උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භවීමට නියමිත අතර ඊට දින 05කට පෙර උපකාරක පංති පැවැත්වීම තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
විභාගය හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් ලබන 20 වනදා සිට වසා දැමෙන අතර තෙවන පාසල් වාරයේ තෙවන අදියර සඳහා එම පාසල් යළි පෙබරවාරි මස 20 වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.