දින තුනකට ඉහතදී අතුරුදහන් වූ කාන්තාවකගේ මළ සිරුරක් බණ්ඩාරගම මැදගම අලුත්ගම වැවේ පාවෙමින් තිබී දී අද (15) පෙරවරුවේ හමුවූ බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම වැල්මිල්ල හංදිය මෛත්රී මාවත පදිංචිව සිටි අමිතා බාලසූරිය නැමැති 60 හැවිරිදි එක්දරු මවකි.
රෝගාබාධයකින් පෙළෙන බවත් දින තුනකට පමණ ඉහත දී නිවසින් අතුරුදන් වූ බවට ඊයේ (14) රාත්රී පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලීසිය පවසයි.
ප්රදේශ වාසියෙකු පොලීසියට ලබා දුන් තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන ඇත.
මළ සිරුර හමුවන අවස්ථාවේදී කාන්තාවගේ මුහුණු ප්රදේශය සතුන් විසින් කා දමා තිබූ බවත් පොලීසිය පවසයි.
මළ සිරුර පානදුර මූලික රෝහලේ තැම්පත්කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.