චීනයේ අපනයන ආනයන බැංකුවේ සභාපති “වී ෆිලින්” සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.
ද්වීපාර්ශවික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවේ වත්මන් ණය අර්බුදය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
මෙරට ණය ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමටත් සංවර්ධන කටයුතු සඳහා උපකාර කිරීමටත් මෙහිදී චීන අපනයන ආනයන බැංකුවේ සභාපතිවරයා එකඟ වී ඇති බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.