Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»පාරට එන වනඅලි එළවන්න අලුත් ක්‍රමයක්
    Featured

    පාරට එන වනඅලි එළවන්න අලුත් ක්‍රමයක්

    By LFNJanuary 9, 2023No Comments2 Mins Read182 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බුත්තල – කතරගම පාරේ වනඅලින්ගෙන් වාහනවලට සිදුවන පහරදීම් වළක්වාලීමට හා වනඅලි පළවා හැරීමට වනජීවි දෙපාර්තමේන්තුව ජංගම රථ යොදවා තිබේ.

    එම මාර්ගයේ දී වනඅලි පහරදීම් හේතුවෙන් වාහනවලට අනතුරු සිදුකරන අවස්ථා දක්වමින් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ප්‍රවෘත්ති පිළිබඳ අවධානය යොමුකරමින් එම තීරණය ගෙන ඇත.

    ඒ අනුව මෙමම තත්ත්වය වළක්වාලීම සඳහා කෙටිකාලීන වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන ලෙස වනජීවි අධ්‍යක්ෂ‍ෙජනරාල්වරයාට අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව පසුගිය දින 04 පුරාම පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා යාල ගල්ගේ වන අඩවි කාර්යාලයේ නිලධාරීන් සහ වාහන යොදවා බුත්තල – කතරගම පාරේ රැඳී සිටින වනඅලින් වනාන්තරයට පළවා හැරීමටත්, වාහනවලට අනතුරු සිදුකිරීම වළක්වාලීම සඳහාත් ජංගම රථ යොදවා මෙහෙයුම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

    මින් ඉදිරියටත් එම වැඩපිළිවෙල අවශ්‍යතාවය පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කරන ලද බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය.

    විශේෂයෙන් මෙම මාර්ගයේ වාහනවලින් ගමන් කරන සමහර පිරිස් වනඅලින්ට ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මඟ රැක සිට වාහනවලින් ආහාර ලබාගැනීමට පුරුදු වී සිටීම මෙන්ම ඇතැම් මගීන් හා රියදුරන් වනඅලි කුලප්පු කිරීම මඟින් කිසියම් ප්‍රාථමික වින්දනයක් ලැබීමට තැත් කිරීම නිසා වනඅලින්ගෙන් සිදුවන හානි ඉහළ ගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම නිසා බුත්තල – කතරගම මාර්ගයේ පමණක් නොව උඩවලව, හබරණ ආදී වෙනත් ස්ථානවලදී ද වනඅලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින් සහ වනඅලින්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස වනජීවි නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ද වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    පසුගිය දින 04 තුළ බුත්තල – කතරගම පාරේ ජංගම රථ යෙදවීම නිසා වනඅලින් පාරට ඒම නතර වූ බවත්, එම කාලය තුළ වාහනවලට හානි කළ බවට කිසිදු සිද්ධියක් වාර්තා නොවූ බවත් වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023063 Views

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස්…

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.