Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Hot News»හංවැල්ල වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට
    Hot News

    හංවැල්ල වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

    By LFNJanuary 6, 2023No Comments1 Min Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ “කරවිට සීයා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

    ඔහු පසුගිය දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල හරස් පාරේ වෙළෙඳසැලක හිමිකරු පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය විසින් අදාළ වෙළෙඳසැලේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය සැකකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

    එම මෙහෙයුම අතරතුර සැකකාර පුද්ගලයා පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර පෙරළා එල්ලකළ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් සැකකරු බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

    පොලීසිය වැඩිදුරටත් පවසන්නේ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාළ ලැබූ සැකකරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    IMF සහ රට ගොඩ යන මග – විවෘත සටහන

    March 23, 2023

    ආනයනික කිරිපිටි මිල අඩුකෙරේ

    March 23, 2023

    IMF අනුමැතිය හිමිවෙයි

    March 21, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.